hit counter

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 20, පෙ.ව. 12:26



යුද්ධ කළේ තමන්ගෙන් විමසා නොවේ යැයි ප්‍රකාශ කරන අගමැතිනියට රටේ ඉතිහාසය අමතකව ගොස්ද සිය ඉලක්කය වෙනුවෙන් ඉතිහාසය අමතක කර ඇතිද යන්න සිතා බැලිය යුතුව ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

කොටි ගෝණගල ගමේ බඩදරු අම්මලාගේ බඩවල් පළා දරුවන් එළියට ගෙන ඝාතනය කළේ අහිංසක ගොවි ජනතාව ඝාතනය කළේ රට පුරා බෝම්බ පිපිරවූයේ අගමැතිනියගෙන් අසාදැයි එහිමියන් ප්‍රශ්න කරයි.

කලින් ආණ්ඩු ත්‍රස්තවාදය අවසන් කිරීම ප්‍රශ්නයක් බවට පත්කරගෙන ජනාධිපති සහ අගමැතිනිය මේ රටේ බරපතළ ලෙස ජාතිවාදය අවුස්සන බවටද උන් වහන්සේ චෝදනා කරයි.

අනුර දිසානායක ජනාධිපතිවරයාට දොන් ජුවාන් ධර්මපාල නාමය සිය නමට එකතු කර නොගෙන කටයුතු කරගෙන යෑමට මග පෙන්වීමට තමන් සූදානම් බවද මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කරයි.

එහිමියන් මේ බව ප්‍රකාශ කළේ, පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහි බෙදුම්වාදයට සහ දෙමළ බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියමට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ අවස්ථාවකට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: