hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:04



දිවයින පුරා ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ අයිතම සියයකට ආසන්න ප්‍රමාණයක දැඩි හිඟයක් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එසේම ශල්‍යකර්ම සඳහා භාවිතා කරන අයිතම වර්ග රැසක් ද දැඩිසේ හිඟ බවත්, මෙම තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යාංශය, ඇමැති සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව ඇතුළු බලධාරීන් වගකිව යුතු බවත්, එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

IV Noradrenaline, IV Cefotaxime, IV amicacine, Clarithomycine, levofloxacillin, inj adenosine, sodium nitroprusside, inj verapamil, isoprenaline, protamine sulphate, inj promethazine fukau GTN, salbutemol oral solution, තුවාල මැසීම සඳහා භාවිත කරන, prolene, Polypropylene,nylon, knee implants ආදී ඖෂධ සහ ශල්‍ය අයිතම රැසක් හිඟව පැවතීම හේතුවෙන් රෝගී සත්කාරක සේවාවන්ට බාධා පැමිණ ඇතැයි ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: