hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 ජූනි 23, පෙ.ව. 1:09



අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් 2022 අය වැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදනවලින් මෙතෙක් වියදම් නොකළ ප්‍රතිපාදන මෙම අවස්ථාවේ දී ප්‍රයෝජනයට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා කටයුතු කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

එමෙන්ම කඩිනමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට කටයුතු කරන බව ද ඔහු එහිදී සඳහන් කළා.