hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 13, ප.ව. 8:51



අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසන්නේ, දර්ශනීය උල්කාපාත වර්ෂාවක් මෙම දිනවල දැකගත හැකි බවයි.

ඊයේ (12) දිනයේ සිට මෙම උල්කාපාත වර්ෂාව අලුයම් කාලයේ දැක ගැනීමට හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙය ‘ප(ර්)සිඩියස්’ උල්කාපාත වර්ෂාව ලෙස හැඳින්වෙන බව ගිහාන් වීරසේකර මහතා සඳහන් කරයි.

අලුයම 01 සිට ඉදිරියට මෙම උල්කාපාත දැකගත හැකි බව ඔහු පෙන්වාදෙන අතර, ක්ෂිතිජයෙන් නැගෙන උල්කාපාත කෙමෙන් ඉහළ අහසට පැමිණෙන බවත් පෙන්වා දෙයි.