hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 4:18



මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ  ලක්ෂ 41ක  විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූවා.

තමා සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා බව උන්වහන්සේ මෙහිදී පැවැසුවා.

එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළා.

” මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මෙම විදුලිය  විසන්ධි කිරීම සිදු කළේ,  ඒ හේතුවෙන් ඉදිරියේදී ජලයත් නොමැතිව යනවා, ධාතුන්වහන්සේලා තැන්පත් කර ඇති ඇති බුද්ධ මන්දිරය, පොලිස් මුරපොල, පුරා විද්‍යා ස්මාරක අක්කර දහසකට වඩා වැඩි මෙම පූජා භූමිය  අද ඉඳන් අඳුරේ,  මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත්වනවා, මෙ භූමිය දඩයක්කරුවන්ගේ රජ දහනක් වෙන්න පුළුවන්.  මේ සඳහා ද රජය අද සිට ක්‍රියාත්මක විය යුතුයි. ඒ විසන්ධි කරන්න ක්‍රියාත්මක වුණා වගේ, වගේම පුරාවිද්‍යා අංශ  ආරක්ෂකයින් යොදා මෙම පුරාවස්තු ආරක්ෂා කළ යුතුයි. ඉදිරියට මිහින්තලය වන්දනාවේ පැමිණෙන බැතිමතුන් විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන එන්න සිද්ධ වෙනවා සතා සර්පයාගෙන් බේරී  මිහින්තලාව වැඳ පුදා ගන්න නම්. මේ 225 ම, මේ සිද්ධ කරන්නේ ශාසනයෙන් පලි ගැනීමක්, මේ අයට ඡන්දය  දුන්නට අපිත් කියන්න ඕන. විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විහාරස්ථානයේ හිමිවරුන් මෙන්ම  දායක දායිකාවන්ද දැඩි අපහසුතාවයට පත් වෙනවා මේ  නිසා, අපි ඉල්ලා සිටින්නේ සංඝාවාස වලට  මීටර් සවි කරලා වෙනම විදුලිය ලබා දෙන්න. ඒවා අපි ගෙවා ගන්නම්.  ලක්ෂ  35ක් බිලක් ගෙවන්න විදියක් නැහැ. මුදල් නැහැ මෙය අවස්ථාවේ, කරුණාකරලා නැතිනම්  සූර්ය පැනල  පද්ධතියක් සවි කරන්න.පින් සිද්ද වෙයි.අපට විදුලි එපා.” 

Example Image