2023 මැයි 30, පෙ.ව. 12:25
මිහින්තලා රජ මහා විහාරයේ පැවැත්වෙන පොසොන් උත්සවය වෙනුවෙන් මහජනතාවගෙන් මේ වන විට විශාල වශයෙන් දායකත්වයක් ලැබෙමින් තිබෙන බව මිහින්තලා රජ මහා විහාරධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසනවා.
උන්වහන්සේ එළෙස පැවසුවේ ඊයේ (29) මාධ්‍ය හමුවක් කැඳවමින්.
මිහින්තලා රජ මහා විහාරාධිපති නාහිමියන් පසුගිය දින කිහිපයේම ප්‍රකාශ කර සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබීම පිළිබඳ ගැටලු පවතින බවයි.
මේ නිසා මිහින්තලා ආලෝක පූජාව සහ මිහිඳු පෙරහර පැවත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.
අද වන විට පොසොන් උත්සවය වෙනුවෙන් දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගෙන් ලක්ෂ 50කට වැඩි මුදලක් මිහින්තලා රජ මහා විහාර ගිණුමට ලැබී ඇති බව නාහිමියන් පැවසුවා.
“ඊයේ දිනයේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් මිහින්තලාවේ පොසොන් උත්සවය සඳහා හැකි පමණින් තම දායකත්වය ලබා දී තිබෙනවා, ඒ අතර ආදිවාසි ජනතාවද සිටිනවා, පිරිසක් දෙවුන්දර තුඩුවේ සිට චාරිකාවකින් පැමිණෙන්න සූදානම් වෙලා සිටිනවා, කොළඹ කැස්බෑවේ පදිංචිකරුවෙකු වන ආනන්ද මහතා ඔහුගේ පදනමින් චාරිකාවකින් පැමිණ පරිත්‍යාගයක් කිරීමට සූදානම්.විශේෂයෙන් මීගමුව හලාවත කතෝලික ප්‍රජාව දායකත්වය දක්වනවා, අපේ මේ මහා සංඝරත්නය අරහත් දජය පැළඳ ගෙන ඉන්නේ, දානය වළඳන්නේ, මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළ නිසයි, ආණ්ඩුව මාධ්‍ය නිවේදන නිකුත් කරනවා බෙලිඅත්තේ සිට අනුරාධපුරයට දුම්රිය සේවා දාලා තියෙනවා කියලා, අමතර බස් සේවාවන් රැසක් ක්‍රියාත්මක වනවා කියලා.
ඇයි මේ ආණ්ඩුව රටේ මිනිස්සු අන්දන්නේ එම ජනතාව එන කොට මිහින්තලේ රථගාල් දහයක් තියෙනවා, පොදු වැසිකිළි 100ක් තියෙනවා, ලියාපදිංචි දන්සල් 30කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා,ශ්‍රී ලංකා ත්‍රිවිද හමුවේ පොසොන් පහන් කූඩු දර්ශනයක් තිබෙනවා, ශ්‍රී ලංකා පොලිසිය 1000ක් මුර සංචාරයෙහි යෙදෙනවා. මාර්ග බාධක රැසක් තිබෙනවා. කෝ මේවට විදුලිය, එදා පොසොන් කමිටු රැස්වීමේදී විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරිවරයා කිව්වේ විදුලිය ලබා දෙන්න විදිහක් නැහැ කියලයි. එහෙනම් ඇයි මේ එන්න කියලා, ප්‍රචාරය යවලා, රටේ ජනතාව අපහසුතාවයට පත් කරන්නේ.විදුලිය ආලෝකය නොමැති වීම නිසා අනුරාධපුරයේ හෝ මිහින්තලාවේ කිසියම් හෝ අනතුරක් වුණොත් සම්පූර්ණයෙන් එහි වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි, පහසුකම් නොදී බස්රථවලින් දුම්රියෙන් මගින් ගෙන්වා ගෙන ඒවගෙනුත් සල්ලි හම්බ කරන්න හදන්නේ.මීට පස්සෙ උත්සවය රාජ්‍ය උත්සවයක් බවට ගැසට් කරන්න එපා පහසුකම් ලබා දෙන්න නොහැකිනම් රාජ්‍ය උත්සව යනුවෙන් සඳහන් කරන්න එපා “
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05