hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 25, පෙ.ව. 9:15



මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන මහතා පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දුන්නා.

අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම මීට මූලික හේතුව බව ද විදුලි ඉංජිනේරුවරයා කියා සිටියා.

මිහින්තලේ රජමහා විහාරයේ මැදමළුවේ දී පොසොන් කමිටු රැස්වීම මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසකත්වයෙන් පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැත්වුණා.

පොසොන් උත්සවයේදී ඉදිකරන මාර්ග බාධක, බැතිමතුන් ගිමන් හරින ස්ථාන, නාන තොටුපොළ, වැසිකිලි, ඉදිකර ඇති ස්ථානවලට විදුලිය ලබා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම විමසීමක් කළද ප්‍රතිපාදන නොමැති නිසා විදුලිය නොමැති නිසා විදුලිය ලබා දිය නොහැකි දිස්ත්‍රික් විදුලි ඉංජිනේරුවරයා කියා සිටියා.

මෙහිදී මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලේ වන්දනා මාන කටයුතු පන්දම් පත්තු කරගෙන සිදු කිරිමට සිදුව ඇති බවයි.