hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 4:49



මිහින්තලා පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් 252 දෙනෙකු අද (10) දිනයේ දී ඉවත්කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

එහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, හමුදා නිලධාරියෙකුට සිවිල් ඇඳුමින් පන්සලකට යා හැකි බව තමා දැනගත්තේ පෙරේදා නිසා බවත්, විහාරාධිපති හිමියන්ගේ ජීවිත ආරක්ෂාවට එය තර්ජනයක් බව පැවසූ හෙයින් ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක භටයන් ඉවත් කළ බවයි.

“මිහින්තලය පුදබිමේ මේ වනවිට නාවික හමුදාවේ නිලධාරියෙක් ඇතුළුව 103දෙනෙකු ඉන්නවා. හමුදාවේ 48 දෙනෙක් ඉන්නවා සිවිල් ආරක්ෂක බළකායේ 100ක් ඉන්නවා. සියල්ල 252ක් මිහින්තලා පුදබිමේ නොයෙකුත් වැඩකයුතු කරනවා. මෙවැනි තත්ත්වයක් තුළ දෙදෙනෙකු සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශක් කළා. මෙම දෙදෙනා ඔක්තොම්බර් 07 වනදායින් පස්සේ රට තුළ ආවේක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් ආගමික ස්ථාන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ අවේක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් යොදවලා තියෙනවා.”

“සිවිල් ඇඳුමෙන් පන්සලකට හමුදා නිලධාරීයෙක්ට යන්න බැහැ කියලා අපි දැනගත්තේ පෙරේදා තමයි. දැන් අපි තීන්දුවක් ගත්තා උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා උන්වහන්සේ කියනවානම් හමුදාව පන්සල තුළ තිබීම නිසා අපි මේ 252ම අද දවසේ ඉවත් කරගන්න කටයුතු කරනවා.”