hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 29, පෙ.ව. 10:04



ඉතාලිය මිලානෝ ලංකාරාම විහාරස්ථානයෙහි 2568 වන වෛශාක්‍ය මංගල්‍යය මැයි මස 25 සහ 26 යන දෙදින ඉතා උත්සවාකාරයෙන් සිදු කරන්නට යෙදුණි.

ලංකාරාමාධිපති, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වීය බස්නාහිර පළාත් මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය පූජ්‍ය ගරු ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා ඇතිව සිදු කළ මෙම වෙසක් පුණ්‍ය මහෝත්සවය, වෙසක් පෙරහර, සීල භාවනා වැඩසටහන, බොදු බැති ගී සරණිය, වෙසක් බත් දන්සල ආදී අංග රැසකින් මෙම පුණ්‍ය මහෝත්සවය විචිත්‍රවත් විය.

යුරෝපයේ පවත්වනු ලබන මෙම බත්දන්සලට දස දහසකට ආසන්න පිරිසක් සහභාගිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ඉතාලි ජාතිකයන්ද අන්‍ය ආගමිකයන්ද මෙම අවස්ථාවට සහභාගි වීම තුළින් ආගමික සහජීවනය ප්‍රකට වූ අවස්ථාවකි.

මෙම වෙසක් උත්සවය සංවිධානය කිරීමේදී විහාරස්ථ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය හා ලංකාරාම දහම් පාසල මගින් මේ සදහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදීමද විශේෂත්වයකි.