2025 දෙසැම්‍බර් 09, ප.ව. 5:57
ඉන්දියා -ජපන් සංසදයේ හතරවැනි සැසි වාරය නවදිල්ලියේ දී පැවැත්වෙන අතර පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා එහි ආරාධිතයෙකු වශයෙන් සහභාගී වී සිටී. ඉන්දීය විදේශ අමාත්‍යංශය හා අනන්තා පදනම මෙම සංසදය සංවිධානය කරයි.
මෙම සැසිය අතරවාරය් දී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, විදේශ ලේකම් වික්‍රම් මිශ්රි ඇතුළු ඉන්දීය ඉහළ පෙලේ ප්‍රතිපත්ති සම්පාදකයෝ මුණ ගැසිණ.
සුළි කුණාටු විපත්වලට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා පුණර්ජීවනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය සදහා ඉන්දියාවට නායකත්වය ගත හැකි බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දී තිබේ. උපායශීලී හවුල්කරුවෙකු ලෙස ජපානයට සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා සදහන් කර ඇත.
ඉන්දියාව හා ජපානය ගොඩනැගෙන සහයෝගීතාව තුළින් ආර්ථීක ආරක්ෂාව, වෙළදාම, න්‍යශ්ඨික බලය, ඩිජිටල්කරණය, ඛනිජ සම්පත් සහ ආයෝජන ක්ෂේත්‍රවල සැලකිය යුතු අවස්ථා අලූතින් අත්පත් කරගත හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා මෙම සංසදයේ සිය දේශනය අතරතුර තවදුරටත් සදහන් කර තිබේ. දෙරට අතර ඉහළ පෙලේ නායකත්වයට රටවල් අතර ද්වී පාර්ශවික හා බහු පාර්ශවික සබදතා උපායශීලීව ඉදිරියට ගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් නවතම පැතිකඩ ඉන්දීය -ජපාන සංසදය මගින් ඉදිරියේ පවතින බව ද දක්වා තිබේ.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13