2026 මාර්තු 21, ප.ව. 4:08
බැකෝ යන්ත්‍රයකට හසුවී කොඳු ඇට පෙළට බරපතල හානි සිදුව සිටි පිඹුරෙකුට ප්‍රතිකාර ලබා දීම හේතුවෙන්, සතුන් ගලවා ගැනීමේ සේවාවක නිරත සහ ‘මිනිසා’ යූටියුබ් චැනලයේ හිමිකරු ලක්ෂාන් මධුසංක මහතාට අධිකරණය විසින් රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගත් ඒ මහතා, ඊයේ (20) දින අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබුණා.
පසුගිය 14 වැනිදා වනජීවී නිලධාරීන් විසින් ඔහුගේ නිවස වටලා ඇති අතර, එහිදී ඔහුගේ භාරයේ ප්‍රතිකාර ලබමින් සිටි පිඹුරා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
වනජීවී ආඥා පනතට අනුව වන සතෙකු බලපත්‍රයකින් තොරව ළඟ තබා ගැනීම වරදක් බැවින්, සැකකරු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් 100,000ක ශරීර ඇප මත ඔහු මුදා හැරුණා.
ඊයේ දින පැවති නඩු වාරයේදී ඔහු වරද පිළිගත් අතර, නඩු විභාගය අතරතුර වනජීවී නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ පිඹුරා ‘දැඩි ලෙස ආරක්ෂිත’ සත්ව විශේෂයක් බවයි.
එම කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර තිබුණා.
කෙසේ වෙතත්, ලක්ෂාන් මධුසංක මහතා අවධාරණය කරන්නේ වනජීවී ආඥා පනතට අනුව පිඹුරා ‘ආරක්ෂිත’ සත්වයෙකු මිස ‘දැඩි ලෙස ආරක්ෂිත’ සත්වයෙකු නොවන බවයි.
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වැරදි වර්ගීකරණය හේතුවෙන් තමාට ඉහළ දඩ මුදලක් ගෙවීමට සිදුවූ බව ඔහු පවසනවා.
කෙසේවෙතත්, ඔහු කියා සිටියේ අදාළ නිලධාරින් නීතිය ඉටු කළ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තමාට නොමැති බවයි.
2026 මාර්තු 21, ප.ව. 8:04
2026 මාර්තු 21, පෙ.ව. 12:25
2026 මාර්තු 21, පෙ.ව. 12:21
2026 මාර්තු 21, පෙ.ව. 12:19
2026 මාර්තු 21, පෙ.ව. 12:19
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26