hit counter

2025 දෙසැම්‍බර් මස 24 වන බදාදා

2023 ජූලි 26, ප.ව. 4:18



මහරගම, පතිරගොඩ විහාරවත්ත පාරේ පදිංචි මවක් සහ දියණියක් අතුරුදන්ව තිබෙන බව වාර්තා වනවා.

අදාළ කාන්තාවගේ සැමියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

අප වාර්තාකරු සඳහන් කර සිටියේ, මෙලෙස අතුරුදන්ව ඇත්තේ 23 හැවිරිදි මවක හා අවුරුදු 3 ක් වයසැති දියණියක් බවයි.

කෙසේ වෙතත් සැමියා සේවය නිම වී නිවසට පැමිණෙන විට අදාළ කාන්තාව හා දරුවා නිවසේ නොසිටි බවත් සිදු කළ සොයා බැලීම්වලදී මොවුන් පිළිබඳ තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වු බවත් සැමියා පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.