hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 23, පෙ.ව. 12:31



නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු – ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළා.

කිසිසේත් රටට තර්ජනයක් වන දේ කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කටයුතු නොකරන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මනා අවබෝධයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ බව ද පැවසුවා.

Example Image