2024 දෙසැම්බර් 31, ප.ව. 2:49
 
            
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව සම්බන්ධව ය.
එහි සදහන් වන්නේ දෙසැම්බර් මාසයෙන් පසුව එම දීමනාව කප්පාදු කිරීමට සූදානම් බවට පලවී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
ඒ අනුව, වකුගඩු රෝගීන්ට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජයේ තීරණය එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරනු ඇත.
ඒ සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම නිවේදනයේ දැක් වේ.
එමෙන්ම, රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවි බලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් මේ දිනවල සිදු වේ.
නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවේ.
මේ අතර, දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටි.
ඒ බවට ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව සදහන් වේ.
එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බැවින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25