2025 ජූනි 07, පෙ.ව. 12:12
ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අනු කමිටුවක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තෙ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් බව පවසයි.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කරන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින කාන්තාවන් වැඩිපුර මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් වෙන බවයි.
ඒ අනුව අඳාළ කරුණු සලකා බැලීමෙන් පසු අමාත්‍යංශීය කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් මත මෙම තීරණය ගෙන තිබෙන බව ඔහු පවසයි.
අඳාළ කමිටුව පත් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනය සිදු කර සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි.
එය පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වේ.
එසේම මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳව අවශ්‍ය ආයතනවල නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කරන බවයි.
එසේම ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවට මුහුණ පා සිටින ජනතාව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු ද මෙම කමිටුවෙන් සිදු කරන බව වාර්තා වේ.
2025 ජූනි 07, පෙ.ව. 12:12
2025 ජූනි 07, පෙ.ව. 12:12
2025 ජූනි 07, පෙ.ව. 12:06
2025 ජූනි 07, පෙ.ව. 12:05
2025 ජූනි 07, පෙ.ව. 12:03
07-06-25
07-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
05-06-25
04-06-25
04-06-25
04-06-25
04-06-25
04-06-25
04-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25