2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:11
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කිරීමට කටයුතු කරන මෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙන් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
අඳාළ උපදෙස් ලබාදී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සොයාබැලීම වෙනුවෙන් වූ එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
ඒ අනුව අනුකමිටුවේ සභාපතිවරිය විසින් රට පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ ගෙවීමට පවතින හිඟ මුදල් පිළිබඳ දත්ත රැස් කිරීමේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල හැටන්, දකුණු කෝරලයිපත්තු, වැලිකන්ද සහ වැල්ලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දත්ත රැස් කිරීමට සැලසුම් කර තිබෙන බව පවසා ඇත.
එසේම එකී තොරතුරු රැස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඇය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම මෙම අවස්ථාවේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන් සහන සැලසීම හෝ එම ගැටලුවෙන් ඔවුන් මුදා ගැනීමට මැදිහත් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
තවද මෙම රැස්වීමේදී මේ වනවිට ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන 34ක් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර අදාළ ණය කරුවන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් ගතහැකි පියවරයන් මොනවා ද යන්න විමසීමටද තීරණය කර තිබෙනවා.
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
2026 මාර්තු 22, පෙ.ව. 9:17
2026 මාර්තු 22, පෙ.ව. 12:26
2026 මාර්තු 22, පෙ.ව. 12:19
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26