hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:11



දරිද්‍රතාවයෙන් පෙළෙන තනි මව්වරුන් සහ පියවරුන් සඳහා මාලදිවයිනේ රජය ලබාදෙන මාසික දීමනාව රුෆියා 12,000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එය ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. රජය මෙම වැඩි දීමනාවට අවශ්‍ය මුදලක් ලෙස 2026 වසරේ රාජ්‍ය අයවැයෙන් රුෆියා මිලියන 211 ක මුදලක් වෙන් කර තිබේ.

රජයේ නිල වාර්තා අනුව, මේ වනවිට පුද්ගලයින් 5,878 දෙනෙකු මෙම මූල්‍ය ආධාරයට සුදුසුකම් ලබා ඇති බව සඳහන් වේ. නව සංශෝධනය අනුව එක් දරුවෙකු සඳහා මාසිකව රුෆියා 3,000 ක් ලෙස උපරිම දීමනාවක් ගෙවනු ලබන අතර, උපරිම වශයෙන් දරුවන් සිව්දෙනෙක් (4) දක්වා මෙම දීමනාව ලබා ගත හැක.

ඒ අනුව, එක් තනි මාපියෙකුට මාසික උපරිම රුෆියා 12,000 ක් සහ වාර්ෂික උපරිම රුෆියා 144,000 ක් ලබාගත හැක.

මෙයට පෙර, එක් දරුවෙකුට ලබා දුන් මාසික දීමනාව රුෆියා 1,000 ක් පමණ වන අතර, මාසික උපරිම සීමාව රුෆියා 10,000 ක් පමණක් වේ.

මෙම දීමනාව ඉහළ නැංවීම ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් සිය මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමක් බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: