hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 ජූනි 01, පෙ.ව. 12:04



අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර තිබෙනවා.

තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ගෙවීම් ප්‍රමාද වූ නමුත් මෙම ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රම වේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

එසේම ජුනි මාසයට අදාළ දීමනාව ද එම මාසයේම ගෙවීමට කටයුතු කරනු ලැබෙනවා.

අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාළ බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටි දීමනාව බැර කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතී.

කෙසේ වෙතත්, එහිදී අස්වැසුම දැනටමත් ලැබෙන පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි සියලු දෙනාට වැඩිහිටි දීමනාව හිමි වන බව සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: