hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 24, පෙ.ව. 12:04



තනි පුද්ගල පදනමින් 2024 ජුනි 30 දින හෝ ඊට පෙර වාණිජ බැංකු විසින් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වසරකට උපරිම 10%කට යටත්ව පොලී සහනාධාරයක් සඳහා කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

බැංකු වල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පසුගිය කාලයේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම සෘජුව හා වක්‍රව අහිතකර අන්දමින් බලපාන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් කිරීම සීග්‍රයෙන් වැඩි වී ඇති බවයි රජය පවසන්නේ.

2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම් වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ 172%කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවද රජය සඳහන් කරනවා.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු ආදායම්ලාභී පුද්ගලයන් වෙත සහන සැලසීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබා ගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම පිණිස යෝග්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: