2023 ජූලි 29, පෙ.ව. 1:05
සිමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් මෙරට රාජ්‍ය බැංකු දෙකකට හිග ණය හා පොලි මුදල් වශයෙන් රුපියල් විසිඅටකෝටි, හැත්තැහත්ලක්ෂ, හතලිස්හතරදහස්, නමසියහැටතුනක (287,744,963) මුදලක් ගෙවිමට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් එක් රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 150ක ණය මුදලක් හා අනික් රාජ්‍ය බැංකුවෙන් රුපියල් මිලියන 500ක ණය මුදලක් භාණ්ඩාගාර ඇපයක්මත ලබා ගෙන තිබුණා.
මෙකි ණය මුදල ණය ලබා ගැනිමේ අරමුණට පටහැනිව සමාගමේ පඩිනඩි ගෙවිම, සේවක ප්‍රසාද දිමනාගෙවිම, සේවක ආර්ථසාධක භාරකාර අරමුදල් ගෙවිම, ණය පොලි හා අයිරා පියවිම, ස්ථාවර වත්කම් මිලදි ගැනිම වෙනුවෙන් වැයකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකි රාජ්‍ය බැංකු දෙක මගින් ලබාගත් ණය මුදල නියමිත පරිදි පියවිමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට නොහැකිවි තිබුණි. සංස්ථාව විසින් මින් එක් රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු හිගණය හා පොලි මුදල රුපියල් දහඅටකෝටි, පනස්තුන්ලක්ෂ, තිස්හයදහස්, හයසියඅසුවකි (185,336,680).
මෙම රාජ්‍ය බැංකුවට ගෙවිය යුතු දඩ මුදල රුපියල් එක්කෝටි හතලිස්හතර ලක්ෂ හැටතුන්දහස්, හයසිය පනස්අටක් (14,463,658) බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.
එමෙන්ම අනික් රාජ්‍ය බැංකුව සදහා ගෙවිය යුතු හිග ණය සහ පොලි මුදල රුපියල් දසකෝටි, විසිහතරලක්ෂ, අටදහස්දෙසිය අසුතුනක් (102,408,283) බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණා.
ගාල්ල – ලලිත් චාමින්ද
2025 ජනවාරි 10, පෙ.ව. 9:59
2025 ජනවාරි 10, පෙ.ව. 12:22
2025 ජනවාරි 10, පෙ.ව. 12:12
2025 ජනවාරි 10, පෙ.ව. 12:09
2025 ජනවාරි 10, පෙ.ව. 12:09