hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 29, පෙ.ව. 3:10



ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් චක්‍රලේඛ විධිවිධානයට පටහැනිව වෘත්තිය දිමනා, කළමණාකරණ දිමනා සහ අතුරු දිමනා වශයෙන් රුපියල් හත්කෝටි හතලිස්තුන් ලක්ෂඅනුහත්දහස් හාරසිය අසුතුනක (74,397,483) මුදලක් අධිකාරියේ කාර්යමණ්ඩලය වෙත ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාව සදහන් වෙනවා.

කළමණාකරණසේවා දේපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව රුපියල් එක්කෝටි, හැටදෙදහස් පන්සියයක මුදලක් (10,062,500) වෘත්තිය දිමනා වශයෙන්ද, එක්කෝටි තිස්අටලක්ෂයක මුදලක් (13,800,000) කළමණාකරණ දිමනා වශයෙන් ගෙවා තිබුණා.

අතුරු දිමනා ලෙස ගෙවා ඇති මුදල රුපියල්  හාරකෝටි, තිස්එක්ලක්ෂ, හතලිස්හත්දහස්, නමසියඅසුතුනකි (43,147,983)ක්.

විගණන ජේදයේ සදහන් දිමනා සදහා කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.

මේ සම්බන්දයෙන් ශ්‍රිලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  කළමණාකරණ සේවා දේපාර්තමේන්තුවේ  වෘත්තිය (තාක්ෂණික) දිමනා අනුමත කරඇති බවයි.

සිවිල් ගුවන්සේවා අධිකාරි පනත මගින් පැවරි ඇති බලතල අනුව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනිකුත් දිමනා අනුමත කර ඇති බවද අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.