2024 නොවැම්‍බර් 16, ප.ව. 4:41
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 225ක් වන අතර ඉන් 196ක් සඳහා මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් තෝරා ගනු ලබනවා.
ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මත ඒවාට හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව තීරණය කෙරෙනවා.
ඒ අනුව, පසුගියදා (14) පැවති මැතිවරණයෙන් එක් එක් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා ගත් ඡන්ද අනුව ඒවාට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එක් එක පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගණන පහතින්,
ජාතික ජන බලවේගය- 18
සමගි ජන බලවේගය- 5
ඉලංකෙයි තමිල් අරුසු කච්චි- 1
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ- 2
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ- 1
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය- 1
සර්වජන බලය- 1
මේ අතර, 10 වැනි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීමට නියමිතව තිබෙනවා.
පක්ෂ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
සෙසු පක්ෂ ද, පාර්ලිමේන්තුවට යවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නාමාවලිය, මෙතෙක් සකස් කර නැහැ.
මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන දේශපාලන කණ්ඩායම්වල ජාතික ලැයිස්තු පහතින්,
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06