hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූලි 10, පෙ.ව. 10:44



මුලතිව්, කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානයේ දෙවන දිනට කැනීම් කටයුතු 06 වනදා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව සිදුකිරීමට නියමිත බව කෝකිලායි පොලිසිය පවසනවා.

ප්‍රදේශයේ ජලනළ එලීම සිදුකළ සේවකයින් පිරිසකට අස්ථි කොටස් පසුගිය 29 වැනිදා හමුවීමෙන් අනතුරුව ජල නළ කාර්මිකයින් සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කරනු ලැබුවා.

පසුව 30 වනදා එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීම සිදුකල මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා විසින් ස්ථානයේ කැනීම් කටයුතු 06 සිදුකරන ලෙසට නියෝග කොට සිටියා.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ එල්.ටී.ටී. ඊ. වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ මෙම සමූහ මිනී වලේ දමා ඇත්තේ කොටි වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් බවට තොරතුරු අනාවරණය වන අතර දෙමළ දේශපාලනඥයින් මෙම සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ යුද හමුදාවෙන් ඝාතනය කරන ලද කොටි සෙබළියන්ගේ මළ සිරුරු බව ජාත්‍යන්තරයට පෙන්වීමට විශාල උත්සහයක් දරමින් සිටිනවා.

දෙමළ පක්ෂ කීපයක් විසින් යාපනයේ පවත්වන ලද සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට ඇති අතර කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මේ මස අවසානයේදී උතුරු නැගෙනහිර පුරා උද්ඝෝෂණයක් දියත් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කොට තිබෙනවා.