2024 පෙබරවාරි 10, ප.ව. 12:07
ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන් මහතා ඊයේ(09) රාත්‍රියේ යාපනය මුට්‍ර වේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වු ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අතර ඇති වු අධික තදබදය හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව යාපනය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ තිබු අතර, තවත් පිරිසක් ප්‍රසංගය පැවැත්වු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට නොහැකිව සිටි බවයි. පැමිණි අධික පිරිස හේතුවෙන් ක්‍රීඩාංගනයේ ඉඩකඩ අවමවීම හේතුවෙන් තදබදයක් ඇති වු අතර, එහිදි පිරිසක් තුවාල ලැබු බවද පොලීසිය සඳහන් කරනවා.
දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා,රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක්ද ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වි ඇති බවද වාර්තා වෙනවා.
ප්‍රසංගයේ සංවිධාකයන් පවසන්නේ යාල් එඩියුකේෂන් සපොර්ට් ෆන්ඩ් නමැති අරමුදල වෙනුවෙන් අදාළ සංගීත ප්‍රසංගය පැවැත්වු බවයි.
ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් පොලිස් රැකවල් කඩාදමාගෙන ප්‍රසංග භූමියට ඇතුළුවීම හේතුවෙන් එහි අධික තදබදයක් හට ගෙන තිබුණා.
2026 ජනවාරි 15, පෙ.ව. 12:27
2026 ජනවාරි 15, පෙ.ව. 12:24
2026 ජනවාරි 15, පෙ.ව. 12:12
2026 ජනවාරි 15, පෙ.ව. 12:10
2026 ජනවාරි 15, පෙ.ව. 12:10