hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2025 ජනවාරි 28, ප.ව. 5:04



රාත්‍රී පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

කෙසේ වෙතත් මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති බවත් අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම 2005/38 දරන අධිකරණ තීන්දුව මගින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් දී ඇති බව කී අමාත්‍යවරයා එම තීන්දුවට අනුව 2007/2008 පොලිසිය නිකුත් කළ චක්‍රෙල්ඛය 2010 වසරේදී සංශෝධනය කර ඇති බව ද ඔහු පවසනවා.

සංචාරක ක්ෂේත්‍රයක කිසිදු ආකාරයක බලපෑමක් නොවන ආකාරයෙන් මෙම සංශෝධන කළ යුතුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා රජය මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර ඇති බව ද පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: