2023 මාර්තු 05, ප.ව. 6:49
රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසුවා.
ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) මේ වන විට සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇතැයි ද ලේකම්වරයා පැවසුවා.
රාමසාන් සමය මෙම මස 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළදී සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදිය හැකි වන පරිදි වැඩමුර සකස් කරදීමත්, නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමත් මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැකියි.
රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළා.
2025 මැයි 09, පෙ.ව. 10:44
2025 මැයි 09, පෙ.ව. 12:27
2025 මැයි 09, පෙ.ව. 12:25
2025 මැයි 09, පෙ.ව. 12:23
2025 මැයි 09, පෙ.ව. 12:23