2023 ජූලි 11, ප.ව. 6:22
            
මුතු රාජාට තායිලන්තයේ දී දැක්වෙන සත්කාර ගැන තමා දැඩි සතුටට පත්වන බව මුතු රාජාගේ ප්‍රධාන භාරකරු ලෙස කටයුතු කළ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ අලි භාරකරු උපුල් ජයරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
ඔහු පැවසුවේ ඇතා නිසි ලෙස පුහුණු කර ඇති නිසා මුතු රාජා කැටුව තායිලන්ත ගමන පහසු වූ බවයි.
තවද ඔහුට තායිලන්ත රජු හමුවීමට අවස්ථාවක් ලබා දී මාලිගාවට ගෙන ගොස් තෑගි පිරිනමා තිබෙනවා.
ඇතා දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින විට මුතු රාජා ඉතා හොඳින් රැකබලා ගත් බවත්, නියමිත වේලාවට බෙහෙත් හා ආහාර ලබා දුන් බවත්, දැන් සතාගේ සුවය ගැන සතුටු වන බවත් ඔහු පැවැසුවා.
මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පූර්ණ වාර්තාවක්ද එරට වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කර තිබෙනවා.
තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හස්තියා මේ වන විට ලැම්පැන්ග් වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිනවා.
මුතුරාජා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පර්යේෂණවල වාර්තා එම මධ්‍යස්ථානය විසින් නිවේදනය කර තිබෙනවා.
එම වෛද්‍ය වාර්තාවලට අනුව මුතු රාජා හස්තියා කිසිදු රෝගී තත්ත්වයකට ගොදුරු වී නොමැති බව අනාවරණය වෙනවා.
අලි ඇතුන් සඳහා සාමාන්‍යයෙන් හට ගන්නා ප්‍රධාන රෝග හයක් පවතින අතර එම කිසිදු රෝගී තත්ත්වයකට මුතු රාජා ගොදුරුවී නොමැති බව හස්තියාගේ රුධිර සාම්පල ඔස්සේ සිදුකළ පරික්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා..
මුතුරාජා දිනකට කිලෝ 120ත් 200ත් අතර තෘණ වර්ග හා පලතුරු ආහාරයට ගන්නා බව ද මුතු රාජා පැය තුන බැගින් රාත්‍රියට දෙවරක් නිදාගන්නා බව ද ලැම්පැන්ග් වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මුතු රාජා තායිලන්තයට රැගෙන ගොස් අදට (11) දින දහයක් ගතවන අතර මුතුරාජා තායිලන්ත ඇත්ගොව්වන්ට අවනත වෙමින් සිටින බව ද සඳහන් වේ.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06