hit counter

2025 අගෝස්‍තු මස 08 වන සිකුරාදා

2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:05



ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට, වසර තුනක් ඇතුළත විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඇතැම් පුද්ගලයන් විසින් මෙම ප්‍රකාශය විකෘති කර ඉදිරිපත් කර ඇති බවයි.

විදුලි බිල අඩු කිරීම සැලසුම් සහගතව සිදු කළ යුතු බවත්, විපක්ෂය යෝජනා කරන ආකාරයට ‘කෙක්කෙන් හෝ කොක්කෙන්’ විදුලි බිල අඩු කිරීම කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එවැනි ආකාරයට විදුලි බිල අඩු කළ යුගයක් අතීතයේ පැවතුණු බවත්, එහි බරපතළ බලපෑම විදුලි බල මණ්ඩලය තවමත් දරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජනතාව වත්මන් රජයෙන් බලාපොරොත්තු වන්නේ ස්ථාවරත්වයක් සහිතව විදුලි බිල අඩු කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික වැඩිදුරටත් ප්‍රකාශ කළේය.