2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:04
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා සහභාගි වීමට සමගි ජන බලවේගයට ආරාධනාවක් ලැබී නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා පවසයි.
කොළඹ සමගි ජනබලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
එවැනි ආරාධනයක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය ඉදිරියේදී පක්ෂ නායකයන් තීරණය කරනු ඇති බව මන්ත්‍රිවරයා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ලබන 6 වනදා පැවැත්වීමට නියමිත අතර මේ සඳහා පක්ෂයක් ලෙස සහභාගි වේදැයි මාධ්‍යවේදින් කළ විමසීමකදී මන්ත්‍රිවරයා මේ බව පවසා තිබිණි.
මනුස්සකම සහ දේශපාලන සම්බන්ධතා කියන්නේ එකක් නොව දෙකක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගත කර සිටි අවස්ථාවේ ඔහුගේ සුවදුක් බැලිමට ගියේ මනුස්සකමට බවත් නිලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ආණ්ඩුවට විරුද්ධ සියලු ම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් ඇතුළු සියලුම බලවේග රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඒකාරාශි කරගන්නා බව පැවසු මන්ත්‍රිවරයා සජබ නායක රටේ විපක්ෂ නායක විපක්ෂය ශක්තිමත් කරගෙන යන බවත් සඳහන් කළේය.
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:13
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:07
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25