hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:10



රටේ සහල් අර්බුදයක් ඇති වීමට මූලික හේතුව පසුගිය ආණ්ඩුව කිහිප දෙනෙකු මත සහල් ඒකාධිකාරයක් ගොඩනැඟෙන ආකාරයට වී අලෙවි මණ්ඩලය දුර්වල කොට රාජ්‍ය යාන්ත්‍රණය බිඳ දැමීම බව නි. අමාත්‍ය නලින් හේවගේ පවසයි.

රටේ ලුනු සහල් පොල් නැත්නම් වගකිව යුත්තේ පහුගිය ආණ්ඩු බවත් වත්මන් ආණ්ඩුවට තවම දින 40ක් ගෙවී නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

2048 රට දියුණු කරන තුරු බලා සිටීමට සූදානම් වූ පිරිස වත්මන් ආණ්ඩුවට දින 48ක් යාමට මත්තෙන් ඊට එරෙහිව දැවැන්ත මතවාදයක් ගෙන යමින් ඇතැයි ද නලීන් හේවගේ චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: