hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2025 ජූනි 05, පෙ.ව. 12:09



රටේ මේ වන විට විශේෂඥ වෛද්‍ය හිඟයක් මතුවෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ රජයේ විශ්වවිද්‍යාල, කොතලාවල විශ්වවිද්‍යාලය සහ විදෙස් රටවලින් එන වෛද්‍ය සිසුන් සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබාගත යුත්තේ එම වෛද්‍යවරුන් සමග බවයි.

සියලු පාර්ශ්ව සමග සාකච්ඡාා කොට මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු තාවකාලිකව කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර නොගැනීමේ තීන්දුවට පැමිණි බව ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.