hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:04



ආචාර්ය අශෝක රන්වල සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් නොකළ නිසා තවත් අයෙකුට එලෙස ඉදිරිපත් නොකර සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“තව කෙනෙක් ඉදිරිපත් නොකළා කියලා අනික් කෙනා ඉදිරිපත් නොවෙන්න සාධාරණ තර්කයක් නෑ.

නාමල්ට ඉදිරිපත් වෙලා ඉදිරිපත් නොකළ කෙනෙකුට චැලෙන්ජ් කරන්නත් පුළුවන්. මෙන්න මං ඉදිරිපත් කළා කෝ ඔයාගේ ඒවා කියලා.

රන්වලගේ දේ රන්වල කරයි. නාමල්ගේ දේ නාමල් කරන්න.”

හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතික තවමත් ඉදිරිපත් නොකළ පසුබිමක නාමල් රාජපක්ෂගේ උපාධිය ප්‍රශ්න කිරීම කෙතරම් සදාචාරාත්මක දැයි කැබිනට් මාධ්‍ය හමුවේදී නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.