2026 ජනවාරි 07, පෙ.ව. 12:12
සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් සහ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබෙන බවත්, එම ක්‍රියාව ආණ්ඩුවට මෙන්ම පොලිසියට සහ පොලිසිය භාර අමාත්‍යවරයාට ලැජ්ජාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
පොලිසියට සිය රාජ්‍ය නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කිරීමට නොහැකි නම් ඉන් එහාට ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ඔහු පවසනවා.
මාධ්‍ය ආයතනයක් ප්‍රවෘත්තියක් පල කිරීමෙන් පසුව එම ප්‍රවෘත්තිය ආණ්ඩුවට නොගැළපුනහොත් එම මාධ්‍ය ආයතනයට විරුද්ධව පරීක්ෂණයක් කරන නමුත්, ආන්දෝලනයට ලක්ව තිබූ කන්ටේනර් 323 පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඔවුන් දිගින් දිගටම සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධව තවමත් විමර්ශනය කරමින් සිටින බවත් ඔහු චෝදනා කරනවා.
පසුගිය දිනවල යම් මාධ්‍ය ආයතනයකට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ලර් මහතා ලවා රටට පැවසූ බවත්, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක සිටින්නේ ආණ්ඩුවට කඩේ යෑමට නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
2026 මාර්තු 01, ප.ව. 1:27
2026 මාර්තු 01, ප.ව. 12:13
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26