2026 අප්‍රේල් 08, ප.ව. 4:52
ගල් අඟුරු ගේනකොට කාපු නැති අය ගල් අඟුරු ගෙනාවට පස්සෙ හොඳට කාපු බව පේනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා
“දැන් මේ ගමට එන්න කියනවා දැන් කවුද ගමට යන්නේ ජනතාව උත්තර දෙනවා. ඉතින් මාත් ඉල්ලන්නේ ඔබතුමන්ලාගෙන් නිතරම ගමට යන්න. හොඳයි නිතරම ගමට යන්න එතකොට නිතරම උත්තරේ හම්බවෙයි ජනතාවගෙන්. ගරු නියෝජ්‍ය කතානානායකතුමනි, දැන් මේ සහන ගැන කතා කිව්වා. ඔය විදියටම ගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට කලින් සිංහල අලුත් අවුරුද්දට බඩුමල්ලක් දෙනවා කිව්වා ඡන්ද ඉවර වුණා බඩු මලු නෑ.අයවැයෙත් තිබ්බා දීපු බඩුමල්ලක් නෑ. ඔය විදිහටම තමයි ඔබ තමුන්නාන්සේලා දිට්වා වෙලාවෙත් කිව්වේ. ජනාධිපතිතුමා මෙතන ඉඳගෙන කිව්වෙ, මොකක්ද ටකරමක් ගියොත් ලක්ෂ දහයක් දෙනවා කිව්වා ලක්ෂ පනහක් දෙනවා කිව්ව ඉඩමට ලක්ෂ පනහක් දෙනවා කිව්ව ගෙදරකට. උත්සවයකුත් තියලා දුන්නා චෙක් එකක්. පොඩි ගානක ඒ චෙක් එකත් රිටන් උනා. සල්ලි නැහැයි කියලා නියෝජ්‍ය කථානායකතුමනි, පව් මේ කාවද රවට්ටන්න හදන්නේ දැන් ජනාධිපතිවරයා ඊයේ ඇවිල්ලත් කතා කලා. එතුමා සහන දෙනවා කියලා කියනවා. ප්‍රායෝගිකයව මේවා ජනතාවට ලැබෙනවද . දැන් ව්‍යාපාරිකයාගේ සහන ගැන කතා කරානේ ඒ කාලෙ ඒවා. දැන් වැට් එක අපේ කාලෙ අඩු කරනකොට ම මොකක්ද කිව්වේ ඒකට ගැරහෙව්වා පුළුවන් තරම් වැට් එක අඩු කරා වක්‍ර බදු එදා අඩු කරා. පොඩි මනුස්සයට ලාභයක්නේ .
හැබැයි අද ආණ්ඩුව මොකක්ද කරන්නේ බදු පිට බදු ගහලා. ඔබතුමාල ඔය බදු සහන දෙනව කිව්වට පොඩි මනුස්සයට හම්බවෙන බදු සහනය අන්න එකත් අයින් කරනවා. සෙස් එක අයින් කරාම පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ කුඩා පරිමාණ ව්‍යවසායකයා ඉවරයි ඇයි සෙස් එකක් ගෙනාවේ කුඩා ව්‍යාපාරිකයා රකින්න.කුඩා ව්‍යාපාරිකයා රකින්න ගෙනාපු බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන්ගෙ අවශ්‍යතා රකින්න විතරක් බදු ප්‍රතිපත්තිය ගෙනාවම ඔබතුමාල මෙතන කියවන්න පුළුවන්. හැබැයි යථාර්ථය තමයි ගරු ඇමතිතුමනි තේරුම් ගන්න ඔබේ බදු ප්‍රතිපත්තිය මත ලාභ ලබන්නේ මහා පරිමාණ කෝටිපති ව්‍ය්යාපාරිකයො විතරයි. කුඩා ධීවරයට ගොවියට සහනයක් නෑ ඒක ලැබෙන්නෙ නෑ මේක තමයි යථාර්ථය. ගම් වලට ගියාම ඔබ තමුන්නාන්සේලානෙ උත්තර දෙන්නේ.ගමේ මිනිස්සුන්ට අමාරුයි
මේක තමයි ඇත්ත කතාව ගම්මල ලොකු ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා.
ජීවන වියදම වැඩිවෙනවා සමහර භාණ්ඩවල මිල සීයට තුන්සියයකින් වැඩිවෙලා තියෙනවා හාල්මිල සීයට තුන්සියයකින් වැඩිවෙලා. ගොවියගේ ආදායම සියයට සියයකින් වැඩිවෙනවා නම් හිත හදාගන්න පුළුවන් ඒක වෙන්නෙත් නෑ අනිත් එක පරස්පර විරෝධී කතා බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක වෙලාවක ඇවිල්ලා කියනවා හාල් පිටින් ගේන්න ඕනෑ ඔක්කොම තියෙනවා කියලා හැබැයි දැන් ආයේ මොකද කියන්නේ 2025න් පස්සේ හාල් ගේන්නේ නෑ කිව්වා. දැන් හාලුත් ගේනවා පිටරටින්. ලංකාවේ නිෂ්පාදනය කරන්න කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන් කුඩා ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන් ඒ ටිකට අවශ්‍ය සහනයක් දෙන්නෙ නැතුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නෙ නැතුව බදු පිට බදු ගහලා පිටින් ගේන භාණ්ඩ වල බදු අයින් කරලා. දැන් සෙස් බද්ද අයින් කරාම පිට රටින් ගේන භාණ්ඩවල බදු අයින් කරාම හරි දැන් ගම්වල මැෂින් තියා ගෙන අපේ ගම්වල අහිංසක නැන්දලා ගෙවල්වල මහලා පොලේ විකුණන රෙදිවලට වැඩේ හරි.එතකොට ඔබ තමුන්නාන්සේලාගේ ගම හදන බදු ප්‍රතිපත්තිය හොඳ එකක්ද ?
නියෝජ්‍ය කතානායකතුමනි කාවද මේ රවට්ටන්න හදන්නේ දැන් සමහර සහන දෙන්නේ මැයි මාසෙ ඉඳන් ඇයි මිනිස්සු සතුටින් සිංහල අලුත් අවුරුද්ද කන එක වැරැද්දක්ද ? දෙන්නකෝකෝ සිංහල හින්දු අලුත් අවුරුද්ද කාලේ සහන ඇයි ඒ වෙලාවෙ දෙන්න බැරි ඇයි අවුරුද්දට දෙන්න බැරි ඇයි මැයි මාසෙ වෙනකන් ඉන්නේ. නැකත් ඔබතුමාලගෙ සීට්ටුවේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද පිළිගන්න එක ඔයාලගේ ප්‍රශ්නයක් හැබැයි මිනිස්සු මේ රටේ සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරනවා ඇයි ඒ කාලෙට දෙන්න බැරි දැන් මේ කාරණා සම්බන්ධයෙන් විපක්ෂයත් රටේ ජනතාවත් විද්වතුන් නිරන්තරයෙන් කතා කරා මැද පෙරදිග අර්බුදයක් ඇති වෙනකොට ආණ්ඩුව මොකක්ද කිව්වේ ඇහුම්කන් දුන්නද නෑ ආණ්ඩුව ඇවිල්ල කිව්වා අපිට දවස් 45 කට තෙල් තියෙනවා කියලා බයවෙන්න එපා කිව්වා අගෝස්තු වෙනකල් තෙල් තියනව කියල එක්කෙනෙක් කිව්වා. අගෝස්තු වෙනකම් ඊට පස්සේ කෙඳිරි ගානවා ඊට පස්සේ කෙඳිරි ගානවා.අපිට මේ ඔබතුමාල වගේ මිනිස්සු බඩගින්නෙ කියලා පාරට ගෙනල්ල විදුලිය කප්පාදු කරලා ඡන්දෙ ගන්න උවමනාවක් නෑ. ඒ මෙයාලගේ දේශපාලනය . පෙරේදත් හොරාට විදුලිය කැපුවා. හැබැයි මොකද්ද කියන්නේ අර රිලවු පැන්න වගේ කතාවක් තමයි කිව්වේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සැලසුම් සහගතව මේ රටේ පුනර්ජනනීය විදුලිය මිනිස්සු ඈත් කරලා ඩීසල් බලාගාරවලට ලංකෙරුවා දැන් මේ ගල් අඟුරු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාම කතා දෙකක් කියල තියෙනවා. මොකක්ද පහුගිය කාලේ පාර්ලිමේන්තුවට ඇවිල්ල කිවුවා එයාට නම් තේරෙන්නේ නෑ කිව්වා මේකේ වංචාවක් වෙලා තියෙනවා කියලා ප්‍රශ්නයක් තියනව කියල ටෙන්ඩරේ. ඊයේ ඇවිල්ල කියනවා ටෙන්ඩරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවලු හැබැයි ඉතින් ගල් අඟුරු කාල බැලුවෙ නෑලු හැබැයි ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපතිතුමා ගල්අඟුරු ගන්නකොට කාලා බැලුවේ නැති උනත් ගල් අඟුරු නැව එනකොට නම් හොඳට කාපු පාටක් පේනවා හොඳටම කාලා තියෙනවා.දැන් ජනාධිපතිවරයා පත්කරපු විගණකාධිපති මතකනෙ මේ පාර්ලිමේන්තුවේ වාර ගාණක් ඇදුනනේ එයාගේ නම දාලා පත් කරගන්න මාස ගාණක් පරක්කු උනා අන්තිමට අයින් කරලා අස්කරලා මං දන්නෑ මොකක්ද
හුටපටයක් වෙලා පත් කර ගත්තා. දැන් එතුමියගේ වාර්තාව බලන්න සමාගම ලියාපදිංචි නෑ.ගල් අඟුරු ගෙනාපු සමාගම ලැබ් රිපෝට් එක වැරදි හොර වාර්තාවක්. ලියාපදිංචි නැති ලැබ් එකකින් රිපෝට් එක අරන් තියෙන්නේ. ඔහොමත් හොර කරනවද ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේක ආරක්ෂා කරනවා ඇයි ඒ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේක ආරක්ෂා කරනවා ඔය ඉතින් දැන් හිනා වෙන්න මොකද කාපු අය දැන් හිනාවෙන්න එපැයි ගල් අඟුරු ගේනකොට කාල බැලුවෙ නැති උනාට ඔව් ඔව් හිනාවෙන ඔක්කොමලා ගෙනාවට පස්සේ කාපු බවක් පේනවා හිනා වෙන්නකෝ හිනාවෙන ඔක්කොමලා ගරු නියෝජ්‍ය කථානායකතුමනි ගේනකොට කාපු අය තමයි එක්කෙනා එක්කෙනා එළියට එන්නේ අවසානයට මොකක්ද උනේ මේ පාඩුව ජනතාවගෙ පිට දැම්මා
මේක නවත්තන්න බෑ කිව්වා ඇයි මොකක්ද හේතුව නැවැත්තුවොත් ගෙනාපු සමාගම බංකොලොත් වෙනවා කිව්වා . ඇමතිවරු මේ කියන්නේ ඩී වී චානක අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ 2025 දී පාර්ලිමේන්තුවෙ සඳහන් කෙරුවා ගල් අඟුරු ටෙන්ඩරේ කල් දානවා හිතා මතා කල්දානවා මේකේ වංචාවක් තියෙනවා වංචාවකට ලෑස්ති වෙන බව. පාර්ලිමේන්තුවේ කිව්ව 2025 ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇහුවෙ නෑ! ඇහුවෙනෑ නෙවෙයි ඇහුනා මෙයාලා දන්නවා බාල ගල් අඟුරු එන්නෙ කියලා මෙයාලා දන්නවා මේ සමාඅගුරු ලියාපදිංචි නෑ කියලා ඒ හින්දා තමයි ප්ලෑන් කරලා ලියාපදිංචි නැති ලැබ් එකකින් හොර වාර්තාවක් ගත්තේ. ඒ හින්දා තමයි පාර්ලිමේන්තුවේදී පිටතත් මේක ආරක්ෂා කරේ.ඒ හින්දා තමයි කිව්වේ මේ සමාගම බංකොලත් වෙනවා ද රටේ ජනතාව බංකොලොත් කරනවද කියලා ආණ්ඩුව තීන්දුවක් ගන්න ඕන. අවසානෙ මොකක්ද කලේ අගෝස්තු වෙනකං තෙල් තියෙනවා කිව්වා ආණ්ඩුවවිදුලි බිල වැඩි කරන්න සිද්ධ වුණා . ඒකට මේ ගල් අඟුරු වංචාව සෘජුවම සම්බන්ධයි හැබැයි සමාගම බංකොලොත් කරගන්න දුක හිතෙන කණගාටු වෙන ආණ්ඩුව මොකක්ද කරේ ඒ පීඩාව මේ රටේ ජනතාවට දම්මා ඒ හින්ද ගරු නියෝජ්‍ය කතා නායකතුමනි අපි ගෞරවයෙන් ඉල්ලන්නේ ගරු ජනාධිපතිවරයගෙන් දැන්වත් මේ සමාගම් රකින එක නවත්තන්න ඔබ කිව්වනේ පාපිසි කෑලි ආව කියල ඉතින් මේකේ පාපිස්ස මොකක්ද නැද්ද කියන එක ජනාධිපතිවරයාම තීන්දු කරගන්න ඕන. එහෙම නැත්නම් ජනාධිපතිවරයාත් පාපිස්සක්ද නැද්ද කියන එක එතුමාම තීන්දු කරගන්න ඕන.දැන් තෙල් මිල වැඩි වෙනවා රජයේ සේවකයන්ගේ දීමනාව මාර්තු මාසෙ දීමනාව තමයි තාමත් යන්නේ ඉතින් ඒ අයගේ දීමනාව වැඩි කරලා දෙනවද නැද්ද එහෙම නැත්නම් වැඩි කරපු තෙල් මිලට අතින් ගහගෙන යන්න ඕනද? මැතිවරණ කාලේ කිව්වා රජයේ සේවකයන්ගේ මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කරනවා කියලා දැන් ජීවන වියදම සියයට තුන්සියයකින් වැඩි වෙලා තියෙනවා දැන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ රජයේ සේවකයගේ පඩිිය වැඩි කරන්න කටයුතු කරනවද පෞද්ගලික අංශයේ සේවකයන්ට යම් දීමනාවක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙනවද කයිවාරු ගහලා හරියන්නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සහ ගොවියා අවසානේ මොකක්ද උනේ ගොවිය මහ පාරට ඇදලා දාන තැනට මේ ආණ්ඩුව කටයුතු කෙරුවා. පොහොර සහනාධාර දෙනවා කිව්වා කොහෙද දෙන්නේ? වී මිලදී ගන්න වී මිල කීයද වී මිලදී ගන්නවද නෑ .ඇයි ආණ්ඩව තමන්ගේ ප්‍රතිපත්තිය තමයි තමන්ට හිතවත් ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් තර කරනව මිසක් මේ රටේ පොදු මහජනතාව වෙනුවන් තීන්දු තීරණ ගන්නේ නෑ. කතානායකතුමනි අපි පැහැදිලිව ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා මේ වංචාවල් වහගන්න තවදුරටත් කටයුතු කරන්න ලෑස්ති වෙන්න එපා මොකද අද මුළු රටම ලෝකයම දන්නවා අර හැමදාම වගේ පික් පොකට් න්‍යාය මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ එක්කෙනෙක්ට ඇඟිල්ල දික් කරලා හොරා හොරාකියලා එයා පස්සේ දුවන ගමන් පික්පොකට් ගහපු එකා තමයි බලනකොට හොරා කියල කියලා තියෙන්නේ. දැන් ඔබ සැලසුම් සහගතව මේ රටේ රාජ්‍ය දේපළ විනාශ කරන ගමන් ඉන්නෙ. වැඩියෙන්ම ඉතිහාසයේ රාජ්‍ය දේපළ විනාශ කරල තියෙන්නේ ඔබ. විනාශ කරනවා වගේම මේ ආණ්ඩුවෙන් තමන්ගෙ නොහැකියාව වැඩ බැරි කම තමන්ගේ වංචාවල් තමන්ගේ හොරකම් මේ රටේ ජනතාවගේ පිට පටවලා අවසානෙ මොකක්ද වෙන්නේ නියෝජ්‍යය කතානායකතුමනි රටේ අහිංසක ජනතාව එක පැත්තකින් ආර්ථික ප්‍රශ්නෙක ඉන්නවා අසීමිත බදු ප්‍රතිපත්තියක් ජනතාවට දරා ගන්න බැරි ආර්ථික පීඩනයක් අතරේ ඉන්න අතරේ ආණ්ඩුව සමාජ ප්‍රාග්ධනය උපයමින් ඉන්නවා ආණ්ඩුවේ මැති ඇමතිවරු.
2026 අප්‍රේල් 08, ප.ව. 5:35
2026 අප්‍රේල් 08, ප.ව. 3:25
2026 අප්‍රේල් 08, ප.ව. 12:42
2026 අප්‍රේල් 08, ප.ව. 12:17
2026 අප්‍රේල් 08, පෙ.ව. 11:25
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26