hit counter

2025 අගෝස්‍තු මස 19 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 20, පෙ.ව. 12:04



කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ හෙක්ටයාරයකින් වී කිලෝ 12000ක අස්වැන්නක් ලබාගත හැකි වී ප්‍රභේද ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් මේ වනවිට සොයාගෙන ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී බතට පමණක් නොව වී වලින් සත්ව ආහාර නිෂ්පාදනය, බියර් නිෂ්පාදනය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදනයන් ද සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

උස්ගල, සියඹලන්ගමුව වැව් ඇළවේලි පද්ධතිය පිළිසකර කිරීමේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වර්තමානය වනවිට හෙක්ටයාර් එකකින් ලබාගත හැකි වී අස්වැන්න වී කිලෝ 4000ක් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රජයේ ඉදිරි වැඩ පිලිවෙල අනුව වී වගාව වැඩි දියුණු කරනා බවද සඳහන් කළේය.

ඉදිරියේදී අපි වී නිෂ්පාදනය කරන්නෙ බත් කන්ඩ විතරක් නෙවෙයි. වී වලින් සත්තුන්ට කන්ඩ දෙන්න පුළුවන්, බියර්වලට දෙන්න පුළුවන්, පාන් පිටිවලට ආදේශකයක් විදියට යන්න පුළුවන්, ඒ වගේම තමයි ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කරගත්තු නිෂ්පාදන ක්‍රියාවලියකටත් අපි යන්න ඕනෙකම තියෙනවා. ඒකට අපට කන්න තුන හතරක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: