2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:05
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, රණවිරුවන්ගේ සේවය සිහිපත් කරමින් දැඩි ප්‍රකාශයක් සිදු කළේය.
හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම ඔස්සේ ආණ්ඩුව රණවිරු දඩයමක් ආරම්භ කර ඇති බව පවසමින්, නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ නායකයින් මෙම බැහැදැකීම සිදු කර තිබිණි. මහානායක හිමිවරුන්ට දන්වා තිබුණේ මෙම තත්ත්වය තුළ රටේ භයානක වාතාවරණයක් ඇති විය හැකි බවයි.
මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය;
“හිටපු නාවික හමුදාපතිවරයා සිරගෙට යවා නාවික හමුදා බෝට්ටුවකින්ම ජනපතිවරයා කච්චතිව් ගිය බවත්, ජනාධිපතිවරයාට කච්චතිව් යන්නට නිදහස නිර්මාණය කර දුන්නේ රණවිරුවන් බව සිහිපත් කරන්නට කැමැති බවත්”
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට දේශපාලන පොරපිටියේ බල්ටි ගැසීමට හැකිව තිබෙන්නේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගෙන් යුද්ධය අවසන් කරදුන් නිසා බවයි.
“එසේ නොවුනා නම් ජනපතිවරයාටද සිදුවන්නේ දකුණු ඉන්දීය නළු විජේගේ කතා අසා ෆිල්ම් එකක් බලාගෙන නිවසට වී ඉන්නට යැයි”
“අද ජනතා විමුක්ති පෙරමුණද ඇතුළුව හැම පක්ෂයකටම දේශපාලන පොරපිටියේ බල්ටි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ රණවිරුවන් යුද්ධය අවසන් කරලා නිදහස දිනා දීපු නිසයි. ඒ නිසා තමයි අද ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිව් ගියේ. නැත්නම් විජේගේ කතාව අහලා ෆිල්ම් එකක් බලාගෙන ගෙදරට වෙලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් කච්චතිව් වලට යන්න ප්‍රභාකරන්ගෙන් ඉන්විටේෂන් එකක් ගෙන්වා ගන්න වෙනවා. විශේෂයෙන්ම කච්චතිව් ආරක්ෂා කරන්නේ නාවික හමුදාවයි. නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයා හිරගෙදර දාලා නාවික හමුදා බෝට්ටුවකින්මයි ජනපතිවරයා කච්චතිව් ගියේ. ඒ ගිය එක ගැන සතුටු වෙනවා. එතුමාටත් කච්චතිව් යන්න නිදහස හදලා දුන්නේ රණවිරුවා කියලා මතක් කරන්න කැමතියි.”
“අද පැහැදිලිවම ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත උතුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සමරන්න අවස්ථාව තිබෙනවා. ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක වූ බව කිව්වත් තාමත් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා නැහැ. අනිත් පැත්තෙන් නාවික හමුදාපතිවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ගෙනල්ලා එයාව අදුරගන්න එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී බුද්ධි අංශයේ කෙනෙක් දානවා. මේ කාරණ එක්ක නැවත වරක් 2015-20 කාල සීමාවේ දී වගේ මේ ආණ්ඩුවත් රණවිරුවා දඩයම් කරමින් ඩයස්පෝරාව සතුටු කරන්න අවශ්‍ය මාවතක යන බව අපි පැහැදිලිවම දකිනවා.”
“තමන්ගේ පක්ෂයේ වේදිකාවෙන් ගෙනා කෙනෙක් පත්කරලා මේ ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට පොලිස් සේවයට අගෞරවයක් කළා. අමාත්‍යාංශ ලේකම් වරයා පත් කළෙත් තමන්ගේ දේශපාලන වේදිකාවෙන් ගෙනල්ලයි. මේ විදිහට පත් කිරීම් කරලා ආණ්ඩුවට අවශ්‍ය විදිහට පොලීසිය මෙහෙයවන්න උත්සහ කරනවා නම් ඒ කාරණයේ දී අපි විරුද්ධ වෙනවා. මේ රටේ ඉතිහාසය පිළිබඳ කැනීම කරනවට වඩා වෙනත් කැනීම් වලට තමයි ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබෙන්නේ. මේ
“රනිල් අත්අඩංගුවට පත් වුණත් නැතත් එජාපය හා සමගි ජනබලවේගය එකතු විය යුතු බව මගේ පෞද්ගලික මතයයි. ඔවුන් අමනාප වී වෙන්ව සිටීම මේ රටේ ප්‍රජාත්න්ත්‍රවාදී දේශපාලනයට ගුණදායක නැහැ. පොහොට්ටුව හා ශ්‍රීලනිප එකතු වෙනවා නම් හොඳයි. එක මතවාදය ඉන්න දේශපාලන පක්ෂ එකතු වෙන්න ඕන. ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා”
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:15
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:05
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25