hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13



පොලිසිය දේශපාලන බලපෑම්වලට යටත් නොවී අපක්ෂපාතීව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එසේ නොවුණත් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න බන්ධනාගාරගත කිරීම පිළිබඳ නැගුණු ආකාරයේ චෝදනා නැවත පොලිසියට එල්ල වනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.

අයිස් කන්ටේනර් දෙක එළියට දැමූ අය කවුද කියා මෙතෙක් හෙළිකර නොමැති බවත් බුද්ධි අංශ වාර්තා අනුව මත්ද්‍රව්‍ය තොග අත් අඩංගුවට ගන්නා අයට මාරුවීම් දෙන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර රාජපක්ෂලාට චෝදනා එල්ල කරමින් සිටිය ද අවසානයේ රොකට්ටුව පැලවත්තට පහත්වීමේ අවදානමක් ඇති බවට ද ඔහු අනතුරු අඟවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: