2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:11
ලැබෙන තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත් අත්අඩංගුවට ගත්ත අය හෙළිදරව් කරන ඒවත් එක්ක නාමල් බය වෙන එන සාධාරණ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“දැන් ඒගොල්ලෝ කියනවලු බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන කියලා ඒගොල්ලෝ ඔක්කොම එකතුවෙලා තනි පක්ෂයක් හදන්න යනවා.
ඇත්තටම පක්ෂ ගොඩක් තියෙනවනේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ. අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කොහොම එකතුවෙලා ආවත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් කරන දේවල් නතර කරන්නේ නෑ.”
“ඔය බයවෙලා කෑ ගහන්නේ පාතාල ජාවාරම්කරුවන්, කුඩු ජාවාරම්කරුවන් එක්ක කවුද කටයුතු කළේ කියලා. ඒ බයට තමයි කෑ ගහන්නේ. නැත්තම් කිසිම ආකාරයක කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ.
දේශපාලන දඩයම් කොහෙවත් ඇත්තේ නෑ. මේ ලැබෙන තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම් කරනවා. අත්අඩංගුවට ගත්ත අය හෙළිදරව් කරන දේවල් ඔස්සේ පරීක්ෂණ කරනවා.
ඉතින් නාමල්ලා බය වෙන එක සාධාරණයි. අත්අඩංගුවට ගත්ත අය හෙළිදරව් කරන දේවල් අනුව ඒගොල්ලෝ ළගටත් නීතිය පැමිණේවි කියලා. ඒ අත්අඩංගුවට ගත්ත අය කියන දේවල් අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු වෙනවා.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:17
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:15
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:07
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25