hit counter

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 29, පෙ.ව. 5:52



ශ්‍රී ලංකා ජාතික ගීය ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මාණය කළ අයුරින්ම ලබන වසරට යෙදෙන 75 වන ජාතික දිනයේදී ගායනා කරන ලෙස මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් ඉල්ලා සිටියා.

මිහින්තලය පූජා භූමිය අවට ඉදිකර ඇති වෙළදසැල්වලට පිවිසෙන මාර්ගය පසුගිය කාලසීමාවේදී වසා දැමීමට බලධාරින් පියවර ගැනීම පිළිබඳව මිහින්තලයේ පැවති සාකච්ඡාවකදීයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

ජාතික ගීය වෙනස් කිරීම නිසා සමරකෝන් ශූරීන් සියදිවි නසාගත් බවත් සමරකෝන් ශූරින් නිර්මාණය කළ ජාතික ගීයට සාධාරණයක් ඉටු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිනවා.