2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:04
මැතිවරණ ප්‍රචාරණයට ළමයින් යොදා ගැනීමට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කටයුතු කළ නොහැකි නම් එවැනි අධිකාරියක් නඩත්තු කිරීම තේරුමක් නැති වැඩක් යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පුවත්පතකට පැවසීය.
මැතිවරණ නැති කාලයක වුවද ළමා අපයෝජන සම්බන්ධයෙන් බලය ඇත්තේ, ළමා ආරක්ෂක අධිකාරියට යැයි ද එමගින් අභ්‍යාස කෙරෙන්නේ ලිංගික අපයෝජන සිදුවීම්වලට පමණක් සීමා වූ බලයක් නම් එහි තේරුම කුමක්දැයි රත්නායක මහතා ප්‍රශ්න කළේ ය.
මැතිවරණ ප්‍රචාරණයට ළමයින් යොදා ගැනීමේදී මතුවන ප්‍රශ්නය වන්නේ ළමයින් සේවයට යොදාගැනීම යැයි කී හෙතෙම එම තත්ත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීම අදාළ රාජ්‍ය අධිකාරියේ වගකීම යැයි අවධාරණය කළේ ය.
ලිංගික අපයෝජන සිදුවීම් ගැන නීතිමය පියවර ගැනීම පොලිසියට ද කළ හැකි බැවින් ඒ සඳහා වෙන ම අධිකාරියක් අවශ්‍ය දැයි රත්නායක මහතා ප්‍රශ්න කළේ ය.
මැතිවරණ ප්‍රචාරණයට ළමයින් යොදා ගැනීම මානසික හිංසනයක් නොවේ ද? යන්නත් එහිදී ළමයා වෙළෙඳ භාණ්ඩයක් නොවන්නේ ද? යන්නත් ළමා ආරක්ෂක අධිකාරියෙන් ප්‍රශ්න කළ යුතුව ඇතැයි ඔහු අවධාරණය කළේ ය.
මැතිවරණ කාලයේ සිදුවන සියලු දේ මැතිවරණ නීතියට ලඝු නොකොට සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කළ හැකි යැයිද රත්නායක මහතා පැවසීය.
2025 මැයි 19, පෙ.ව. 12:06
2025 මැයි 19, පෙ.ව. 12:05
2025 මැයි 19, පෙ.ව. 12:04
2025 මැයි 19, පෙ.ව. 12:02
2025 මැයි 19, පෙ.ව. 12:00