hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 26, ප.ව. 5:54



කොමදෝරු රවී ගුණසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් මැයි 21වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු රවී ගුණසිංහ, අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු ලෙස රාජකාරි සිදුකල අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය විසින් කොමදෝරු රවී ගුණසිංහ වෙත වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ධූරයේ රාජකාරීන් භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.