2025 ඔක්‍තෝබර් 28, ප.ව. 12:43
හිඟ බදු මුදල් නොගෙවීම නිසා ඉකුත් (22) දින නාවලපිටිය නගර සභාවේ ආදායම් පරීක්ෂක ඇතුළු නිලධාරීන් විසින් නාවලපිටිය සුපිරි වෙළද සංකීරණය මුද්‍රා තැබීමට පැමිණිමත් සමග එහි කඩ හිමි ව්‍යාපාරිකයන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
නාවලපිටිය ජාතික ජන බලවේගයේ ආසන සංවිධායක නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන මහතා සහ නාවලපිටිය පොලිසියේ මැදිහත්වීමෙන් එදින නගර සභාව නිලධාරීන් පැමිණි කර්තව්‍ය පසුවට කල් දමා පිරිස විසිරි ගිය නමුත්, නාවලපිටිය නගර සභාව මගින් රාජකාරියට බාධා කිරීම යටතේ නාවලපිටිය පොලිසියේ පැමිණිල්ලක් කර තිබිණි.
එදින ඇතිවූ තත්ත්වය පිළිබඳ හා සුපිරි වැරදි සංකීර්ණයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ 2025.09.11 වන දින පැවැත් වූ මහා සභාවේදී යෝජනා ස්ථීර කර ගත් විශේෂම හා සභා රැස්වීම (27) දින නාවලපිටිය නගර ශාලාවේදී සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.
එහිදී නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා විසින් බදු අය කර ගැනීමට යාමේදී සභාවේදී කිසිදු විරෝධතාවයක් නොදක්වා සුපිරි වෙළඳ සංකීර්ණ භූමියේදී සිදුවූ සිදුවීමේදී ජාතික ජන බලවේගයෙ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ඒ.හමීඩ් අසුරබලී මහතාගේ හැසිරීම පිළිබඳ අප්‍රසාදය පළ කරන යෝජනාවක් ගෙන එන ලදී.
ඒ පිළිබඳ සභාවේ විවාද වන අවස්ථාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
චෝදනාවට ලක් වූ අසුරබලී මහතා අදහස් ප්‍රකාශ කරමින්කියා සිටියේ මෙවර ජාතික ජන බලවේගයෙන් තේරී පත් පත්වූ තමන් සියලු දෙනා පොරවල් බවත්, ජනාධිපතිතුමා ඇතුළු එකසිය පනස් නව දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවක් තමන්ට හිමි බවත්, මෙවැනි කුඩා සිදුවීම්වලදී තමන්ට චරිත වීමට අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කළ සිටියහ.
එම අවස්ථාවේ සභාව තුළ දැඩි උණුසුම් වාග් ප්‍රහාරයන් දැකගන්නට ලැබිණි.
එහිදී සභාව අමතමින් නාවලපිටිය නගර සභාපති පවසා සිටියේ ජාතික ජන බලවේගයේ සංවිධායකතුමන් තමන් අමතා අදාළ සිදුවීම වන අවස්ථාවේ එය ගැටුමක් දක්වා වර්ධනය වන බවත් එනිසා මෙම කර්තව්‍ය තාවකාලිකව නැවැත්වීම සඳහා කටයුතු කිරීමට යෝජනා කිරීම නිසා එය නැවැත් වූ බවත් ය.
පසුව අදහස් දක්වමින් ජාතික ජන බලවේග ආසන සංවිධායක තිලක් සිරිසේන මහතා පවසා සිටියේ ගැලරියේ වෙළඳ ව්‍යාපාරිකයන් සහිත මෙම සභාවේ සංයමයෙන් යුතුව හැසිරිය යුතු බවත් සභාව තුළ ඡන්දයකට ගියහොත් ප්‍රතිඵලය තමන් හොඳින් දන්නා බවත් සභාවේ බලය හිමි විශ්වාදීන කණ්ඩායමට ජය හිමිවීමෙන් එයින් මෙම ප්‍රශ්නගත ව්‍යාපාරිකයන්ට ප්‍රයෝජනයක් නොවන නිසා සියලු භේද දුරලා මෙම හිඟ බදු මුදල් ව්‍යාපාරිකයන් සහ සභාවට පාඩු නොවන ආකාරයෙන් එකතු කිරීමේ ක්‍රමවේදයකට යාම සුදුසු බවයි.
ඒ අනුව සභාපතිතුමන් විසින් අසුරබලී මන්ත්‍රීතුමන්ට එරෙහිව ගෙන ආ අප්‍රසාදයේ පළ කිරීමේ යෝජනාව ඉල්ලා අස්කර ගත් අතර නගර සභාවේ බලය තමන් සතු වුවත් ජනාධිපති අනුර කුමාර් දිසානායක සහ ආණ්ඩුව පිළිබඳ තමන් අප්‍රසාදය පල නොකරන අතරම ආණ්ඩු සමග සහයෝගයෙන් වැඩි කිරීමට තම සභාව සභාව කැමති බවත් ප්‍රකාශ කර සිටියහ .
විශේෂ මහ සභාවේ අවසන් තීරණය ලෙස ව්‍යාපාරිකයන් විසින් නගර සභාවට කොටස් වශයෙන් හෝ හිඟ බදු මුදල් ගෙවිය යුතු බවත්, නව තක්සේරුවකට ගොස් එහිදී ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට මැදිහත් වන බවත්, නාගරික මන්ත්‍රී චමින්ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටියහ.
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:49
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:46
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:30
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 11:19
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:16