2023 ජූලි 09, පෙ.ව. 2:32
මේ දිනවල භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.
ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නොයෙක් අදහස් දක්වා තිබුණා.
ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරාධිපති, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, යටිහලගල රජ මහා විහාරාධිකාරී කර්මාචාර්‍ය පූජ්‍ය වතුරකුඹුරේ ධර්ම රතන ස්වාමීන් වහන්සේ විසින් මීට පෙර දැක්වූ අදහස් කිහිපයක් මේ වන විට නැවත වතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
30,000ක් පමණ සිටින භික්ෂු සමාජයේ 50ක් 100ක් සිදු කරන වැරදි නිසා මුළු භික්ෂු සමාජයටම බනින බවද උන්වහන්සේ සඳහන් කළා.
මහණ ජිවිතයේ සිවුර යනු පොරවන්නට අමාරු ගරහන්න ලේසි දෙයක් බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.
ගිහි සමාජය මහ පුදුම බවත් කුණු සොයන තැනට පත් වී ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.
උන්වහන්සේ දැක්වූ සම්පූර්ණ අදහස් සහිත වීඩියෝව පහතින්,
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08