hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 1:13



ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා වෙත පසුගියදා ලබා දී තිබුණා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 40ක පමණ ඉඩමක් සම්බන්ධයෙන් දේශපාලනඥයකු සමග ඇතිකර ගත් මත ගැටුමක් මුල් කරගෙන ඒ මහතා ඉල්ලා අස් වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණත් ඒ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීම භාර දුන් බවයි.

තමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පත්වී වසර 4කට ආසන්න කාලයක් ගත කළ බවත් එම කාලයේ දී විහාරස්ථානවලට, ඔප්පු නැති පිරිස ඇතුළු නීත්‍යනුකූලව ඉඩම් ලබා දිය හැකි පිරිසට ඔප්පු ලබා දීමට අමාත්‍යාංශයට සහාය දුන් බවත් සඳහන් කළා.

තමා සේවය කළේ නීත්‍යනුකූලව බවත් නීතියෙන් පිටත විවිධ ඉල්ලීම් ලැබුණත් එය ඉටු කර දීමට තමා කටයුතු නොකළ බවත් විජේසිංහ මහතා තවදුරටත් පැවසුවා.