hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 ජූනි 09, පෙ.ව. 9:55



නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ජාතික විදුලි පද්ධතියට මේ වනවිට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ජලවිදුලි බලාගාර කිහිපයක් අක්‍රිය වූවත් ගල් අඟුරු බලාගාරය සක්‍රිය ව පවතින බවයි.

මේ අතර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර සහ කැණියොන් ජලවිදුලි බලාගාර 05ම තවදුරටත් ක්‍රියාවිරහිතව පවතිනවා.

මේ හේතුවෙන් එම බලාගාරවලින් උත්පාදනය කෙරෙන මෙගාවොට් 300ක ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බවද සඳහන්.