hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 19, පෙ.ව. 11:15



ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්විගේ මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා හැටන් නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසල වාහන පෝලිමේ රැඳී සිටිමින් ඉන්ධන ලබා ගත්තාය.

සිය වාහනයට ඉන්ධන ලබා ගන්නා තෙක් මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීතුමිය කියා සිටියේ තමන් විනාඩි 30ක පමණ කාලයක් ඉන්ධන ලබා ගැනිමට පොලිමේ රැදී සිටි බවයි.

ඉන්ධන අර්බුදය ලෝකයේ රටවල් කිහිපයකටම පවතින බවත්, සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම මේ රටේ ඉන්ධන සහ ගෑස් හිඟයට විසඳුම් ලබා දීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක සහ රජය කටයුතු කරමින් සිටින බවද ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි ප්‍රකාශ කළාය.