2026 පෙබරවාරි 16, පෙ.ව. 12:14
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය සිය දැඩි ශෝකය සහ පිළිකුල පළ කර සිටිති. 2026 පෙබරවාරි 13 වන දින එල්ල වූ මෙම සහාසික ප්‍රහාරයෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, පසුගිය පාලකයින් විසින් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෝෂණය කරන ලද මැර කල්ලි විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මහ දවල්, සාමාන්‍ය පුරවැසියන් ගැවසෙන පරිසරයක සන්නද්ධව පැමිණ මෙවැනි අපරාධයක් කිරීමට තරම් මැරවරයින් බලවත් වූ අඳුරු පරිච්ඡේදය වහාම අවසන් කළ යුතු බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.
ජාතික ජන බලවේගයේ නීතිඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය නීතිඥ වෘත්තිකයෙකුට එල්ල වූවක් පමණක් නොව, එය සමස්ත පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් බවත් පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය කඩිනම් සහ උද්යෝගිමත් විමර්ශනයක් පවත්වා අපරාධකරුවන් වහාම නීතිය හමුවට පැමිණවිය යුතු බවත් අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදයන් සහ විමර්ශන යාන්ත්‍රණයන් වෙන කවරදාකටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත්ය.
ජාතික ජන බලවේගයේ රජය පුරවැසියන්ගේ ගෞරවය සහ යහපත් ජීවිතය වෙනුවෙන් සිය වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එම සංවිධානය පවසයි.
මාධ්‍යවේදීන්, පොලිස් නිලධාරීන් සහ විනිසුරුවරුන් වරින් වර ඉලක්ක කළ මෙම ලේ පිපාසිත මැර කල්ලිවල ඊළඟ ඉලක්කය කුමන වෘත්තිකයෙකු වේදැයි කිව නොහැකි බැවින්, මෙම තත්ත්වය මර්දනය කිරීමට රජය උපරිම වේගයෙන් කටයුතු කළ යුතු බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:32
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:29
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:25
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:18
16-02-26
16-02-26
16-02-26
16-02-26
14-02-26
14-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26