hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 20, පෙ.ව. 12:01



රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉකුත් වසරේදී (2023) වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වූ පුද්ගලයන් අතරින් 55,000ක් අසමත් වී ඇත. 

වෛද්‍ය පරීක්ෂණය සඳහා ඉකුත් වසරේදී පුද්ගලයන් 841,000ක් ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයට යොමුවී ඇත. 

අක්ෂි ආබාධ, හෘදයාබාධ, රුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 55,000ක් ඉකුත් වසරේදී වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වී තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසුවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

රෝග තත්ත්වයන් නිසියාකාරව පරීක්ෂා නොකර වාහන පැදවීම ඉතා අනතුරුදායක බවද ඇමැතිවරයා පැවසුවා.