hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 17, පෙ.ව. 3:07



න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

රුසියාවේ, පසුගියදා පැවති සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM යනු රුසියාවේ විශාලතම විදුලිබල නිෂ්පාදකයා වන අතර න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සඳහා උපකරණ, ඩිජිටල් නිෂ්පාදන, විවිධ නව්‍ය න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන නිෂ්පාදන නිපදවන ආයතනයක් බව සඳහන්.

මේ වනවිට ඔවුන් ලොවපුරා රටවල් 11ක සමාගම් 34ක් සමඟ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම දැවැන්ත ආයතනය ශ්‍රී ලංකාව ද හවුල් කරගනිමින් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා.