hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 30, පෙ.ව. 2:08



හෙද සේවාව සදහා තවත් හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද සේවාවට සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දි අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නා.

මේ සදහා ගැටළුවක් පවතින්නේ නම් එයට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබාදුන්නා.